Empty Ad
Empty Ad
AFC Banner

Update : අධ්‍යාපන අමාත්‍යාංශය අසල විරෝධතාවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරින් තිදෙනකු රෝහලට – එක් අයෙකුට අසාධ්‍යයයි

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පාසල් සංවර්ධන නිලධාරින් පිරිසක් සහ පොලිසිය අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පොලිස් නිලධාරින් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අද (02) දහවල් මෙම සිදුවීම සිදු වූ අතර තුවාල ලැබූ පොලිස් නිලධාරින් තිදෙනාගෙන් එක් අයෙකු බරපතළ තුවාල ලැබීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම විරෝධතාව අද පෙරවරු ආරම්භ කෙරුණේ පාසල් සංවර්ධන නිලධාරීන් පිරිස ව ගුරු සේවයට බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍ය මෙන් ම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට බල කරමින්.

මෙහිදී පොදු මාර්ගය හරස් කිරීමේ චෝදනාව මත විරෝධතාකරුවන් තිදෙනෙකු පොලිස් අත් අඩංගුවට ගැනුණා.

එහිදි විරෝධතාකරුවන් තවත් කුපිත වූ අතර ඔවුන් ප්‍රකාශ කළේ; අත් අඩංගුවට ගත් සිය සගයින් යළි මුදාහරින තෙක් රජය සමග සාකච්ඡාවට නොයන බවයි.

මෙම විරෝධතාවට පාසල් සංවර්ධන නිලධාරින් 500කට ආසන්න පිරිසක් එක්ව සිටියා.

පාසල් සංවර්ධන නිලධාරීන් මෙන්ම උපාධිධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ පවතින ගැටලුව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (01) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

එහිදී සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බඳවා ගැනීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇති පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශයන්ට යටත්ව ක්‍රියා කළ යුතු බවටයි අවධානය යොමු ව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
1
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05

?