“මෙම ගෞරව සම්මානය ඉන්දියාවේ සිටින බිලියන 1.4ක ජනතාව වෙනුවෙන් පිරීනැමූ සම්මානයක්” (වීඩියෝ)

ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරවාභිධාන සම්මානය තමන් වෙත පිරිනැමීම සම්බන්ධයෙන් තමා ඉතා සතුටට පත්වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

මෙම ගෞරව සම්මානය තමන්ට පමණක් පිදූ සම්මානයක් නොවන බවත් ඉන්දියාවේ සිටින බිලියන 1.4ක ජනතාව වෙනුවෙන් පිරී නැමූ සම්මානයක් බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර අද (05) දහවල් පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මෝදි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෝදි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මෙම ගෞරව සම්මානය දෙරට අතර පවතින ගැඹුරු මිත්‍රත්වය සහ ඓතිහාසික සම්බන්ධතාවලට ගරු කිරීමක් බවයි.

ඒ, අනුව මෙම ගෞරව සම්මානය පිරිනැමීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකට රජයට ස්තූතිවන්ත වන බවත් ඔහු මෙහිදී කියා සිටියා.

ශ්‍රී ලංකා රජයෙන් විදේශීය රාජ්‍ය නායකයෙකුට ලබාදෙන ඉහළම ගෞරව සම්මානය වන ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරවාභිධාන සම්මානය අද දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත පිළිගන්වනු ලැබුවා.

  1. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අගමැති තුමාගේ ශ්‍රී ලංකා සංචාරය ජාතික ජන බලවේග රජයේ විශිෂ්ඨ ජයග්‍රහනයකි. මෙහිදී මෝදි අගමැති තුමා ඉතා ආකර්ෂණීය කථාවක් කලේය. එතුමාට ප්‍රදානය කරන ලද සම්මානය පිළිබඳව අගමැති තුමා සතුටට පත්ව සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29