2024 ACCA සම්මාන උළෙලේදී විනිවිදභාවය හා තිරසාර වාර්තාකරණය පිළිබඳ විශිෂ්ටත්වයෙන් ඩයලොග් යළිත් වරක් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා, 2024 ACCA සම්මාන උළෙලේ දී වසරේ විශිෂ්ටතම තිරසාර වාර්තාකරණය සඳහා වන සම්මානයෙන් පිදුම් ලැබුවා.

ඩයලොග් විසින් අනුගමනය කරනු ලබන තිරසාරත්වයෙන් හා විනිවිදභාවයෙන් යුතු වාර්තාකරණය වෙනුවෙන් ‘සාමාන්‍ය සේවා කාණ්ඩය යටතේ’ මෙම සම්මානය පිරිනැමුණු අතර, සිය ව්‍යාපාරික ක්‍රමවේද තුළින් මෙන්ම, මෙහෙයුම් කටයුතුවලදී තිරසර භාවිතයන් විශිෂ්ටතම අයුරින් පවත්වාගෙන යාමට දක්වන අඛණ්ඩ කැපවීම, මෙම සම්මානය මගින් අවධාරණය කෙරුණා.

තරගකාරී ක්ෂේත්‍රයක සිය කටයුතු පවත්වාගෙන යාමේදී, තිරසාර භාවිතයන් තරගකාරී සමාගම් අභිභවා ඩයලොග් සමාගමේ විශිෂ්ටත්වය විදහා දක්වන ලද තිරසාරත්ව වාර්තාව විනිශ්චය මණ්ඩලයේ ප්‍රශංසාවටද පාත්‍ර වුණා.

විනිශ්චය මණ්ඩල වාර්තාවට අනුව, විස්තරාත්මක අන්තර්ගතයන්ගෙන් හා විනිවිදභාවය අතින් විශිෂ්ට ඩයලොග් තිරසාර වාර්තාව, තිරසාරත්වය සම්බන්ධ අඛණ්ඩ වැඩිදියුණු කිරීම් සඳහා සමාගමේ කැපවීම හා වගවීමද විදහා දක්වන්නක්‌.

2004 වසරේදී ආරම්භ කරන ලද ACCA තිරසාරත්ව වාර්තාකරණ සම්මාන, සමාගම්වල තිරසාරත්ව වාර්තාකරණයෙහි විශිෂ්ටත්වය අගයමින් වාර්ෂිකව පිරිනමනු ලබනවා.

ආයතනික පාලනයේ දී තිරසාරත්ව භාවිතයන් පිළිබඳව අවධාරණය කෙරෙන මෙම සම්මාන තුළින්, සමාගම්වල මෙහෙයුම් පවත්වාගෙන යාමේදී ව්‍යාපාර විසින් අනුගමනය කරනු ලබන තිරසාරත්ව ක්‍රමවේද ඇගයීමට ලක් කෙරෙනවා.

රටක තිරසාර අනාගතයක් සාක්ෂාත් කරගැනිමෙහිලා සමාගම් සිදුකරන තීරණාත්මක කාර්යභාරය හඳුනාගනිමින්, තිරසාරත්ව පිළිවෙත් සඳහා මුල්තැන දෙන සමාගම් මෙලෙස ඇගයීමට පාත්‍ර කර, එම සමාගම් තවදුරටත් දිරිගැන්වීම සම්මාන උළෙලෙහි අරමුණයි.

“තිරසාරත්ව භාවිතයන් කෙරෙහි අප දක්වන කැපවීමට පදනම් වී ඇත්තේ, දිගුකාලීන සාර්ථකත්වය උදාකර ගැනීමට වගකිම් සහගත ආයතනික ප්‍රතිපත්ති පිළිපැදීම අත්‍යවශ්‍ය බවට වන විශ්වාසයයි.” යනුවෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ සඳහන් කරනවා.

“මෙම සම්මාන මගින්, සමාගමේ මූලික ක්‍රමවේද හා මෙහෙයුම් කටයුතුවලදී තිරසාරත්ව භාවිතයන්හි වැදගත්කම අවධාරණය කෙරෙන අතරම, පාරිසරික භාරකාරත්වය සහ විනිවිද පෙනෙන වාර්තාකරණය සඳහා වන අපගේ කැපවීම තහවුරු කෙරෙනවා.”

ACCA තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී ඩයලොග් සමාගම වෙත හිමි වූ සම්මානය, තිරසාර ව්‍යාපාරික පිළිවෙත් පෝෂණය කරමින් තිරසාර අනාගතයක් හැඩගැස්වීමෙහිලා සමාගමේ කැපවීම ඉස්මතු කරන්නක්.

ක්ෂේත්‍රයේ වගකිව යුතු සමාගමක් ලෙස මෙරට ආයතනික අංශය තුළ තිරසාරත්ව භාවිතයන්ට අදාළ ප්‍රමිතීන් ස්ථාපිත කිරීමට ඩයලොග් අඛණ්ඩ කටයුතු කරනවා.

ඒ තුළින්, මෙහෙයුම් කටයුතු සිදු කිරීමේ දී මෙන්ම වාර්තාකරණයේදී ද, තිරසාරත්ව භාවිතයන්ට මුල්තැන දී කටයුතු කිරිමට අනෙකුත් සමාගම්වලටද පූර්වාදර්ශ සපයනවා.

IFRS S1 සහ S2 ප්‍රමිතීන්ට (SLFRS) අනුගත ප්‍රථම දකුණු ආසියානු විදුලි සංදේශ සේවා සම්පාදකයා වන Dialog සමාගම, එම ප්‍රමිතීන් අනුගමනය කරන ගෝලීය සමාගම් කිහිපය අතරෙන් එකක් බවටද පත් වනවා.

වාර්තාකරණයේදී, කොන්දේසි විරහිත අඛණ්ඩතාව සහ සුවිශේෂී කාර්ය සාධනය යන මූලික ගුණාංග පවත්වා ගැනීම සඳහා දක්වන කැපවීම අවධාරණය කරමින්, මෑතදී ට්‍රාන්ස්ප්‍රේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් පවත්වන ලද 2023 ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය සම්බන්ධ (TRAC) ඇගයීමෙන්ද, ශ්‍රී ලංකාවේ අංක1 හිමිකර ගත් විශිෂ්ටතම සමාගම වූයේ, Dialog සමාගමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36