පොලිස් නිලධාරියෙක් හප්පා ලංගම බසයක් පලා ගිහින් – පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට

පොලිස් නිලධාරියෙක් අනතුරට ලක්කර පළා ගිය බස් රථයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (04) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් අදාළ පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොළොන්නරුව මූලස්ථානයට පොලිසියට අනුයුක්තව රාජකාරි කටයුතු කළ පොලිස් සැරයන්වරයෙක්.

අදාළ පොලිස් නිලධාරියා පොළොන්නරුව – මඩකළපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල ජාතික ක්‍රීඩාංගණය ඉදිරිපිට දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සිදුකර ඇත්තේ කොළඹ සිය මඩකලපුව බලා ධාවනය වූ ලංගම බස් රථයක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (04) රාත්‍රීයේ මෙම පොලිස් නිලධාරියා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ ගල්ලෑල්ල ප්‍රදේශයට ගොස් ඇති අතර, පසුව එම පොලිස් නිලධාරියා මත්පැන් පානය කර මාර්ගයේ පයින් පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී මඩකලපුව දෙසට ධාවනය වූ බස් රථ දෙකක් එක ළඟ ධාවනය වී ඇති අතර, ඉදිරියෙන් ගිය බස් රථයේ පොලිස් නිලධාරියා ගැටී, පිටුපසින් පැමිණි බස් රථයට මෙම නිලධාරියා යට වී තිබෙනවා.

අනතුර සිදු වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පොළොන්නරුව වැඩ බලන මහේස්ත්‍රාත් රුවන් කුමාර මහතා විසින් අද (05) උදෑසන පැවැත් වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර බස් රථ රියැදුරා සහ බස් රථය අද (05) දිනයේ අධිකරණය ඉදිරිපත් කිරීමට නියතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46