අද සිට සති දෙකක කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හා ක්‍රීඩකයින්ට අපහාස ප්‍රකාශ කිරීම වළකාලමින් වාරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සහ ලේකම්වරයා සම්බන්ධයෙන් හා ක්‍රිකට් ක්‍රීඩකයින්ට අපහාසයක් සහ අගෞරවයක් ඇති වන අන්දමින් කිසිදු ප්‍රකාශයක් නිකුත් කිරීම අද (20) දින සිට සති දෙකක කාලයක් වළක්වමින්, කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව වාරණයක් නිකුත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මහජන මුදල් අයුතු ලෙස අවභාවිත කරන බවට රොෂාන් රණසිංහ මහතා මැයි මස 05 වැනි දා කඩුවෙල දිසා අධිකරණයේ දී කළ ප්‍රකාශයන්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති හා ලේකම් විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් සලකා බලමින් එම වාරණ නියෝගය නිකුත් කළා.

විත්තිකරු කළ එම අසත්‍ය චෝදනාව නිසා පෞද්ගලිකව තම ආයතනයටත්, ක්‍රීඩකයින්ටත්, තමන් ඇතුළු නිලධාරීන්ටත් දැඩි අගතියක් සිදුවන බවත්, පෙන්වා දී තිබූ පැමිණිලිකරුවන් එබැවින් විත්තිකාර රොෂාන් රණසිංහ කළ එම ප්‍රකාශයෙන් සිදු වූ හානියට රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා දෙන ලෙසත් ඉල්ලා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?