අද සිට සති දෙකක කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හා ක්‍රීඩකයින්ට අපහාස ප්‍රකාශ කිරීම වළකාලමින් වාරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සහ ලේකම්වරයා සම්බන්ධයෙන් හා ක්‍රිකට් ක්‍රීඩකයින්ට අපහාසයක් සහ අගෞරවයක් ඇති වන අන්දමින් කිසිදු ප්‍රකාශයක් නිකුත් කිරීම අද (20) දින සිට සති දෙකක කාලයක් වළක්වමින්, කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව වාරණයක් නිකුත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මහජන මුදල් අයුතු ලෙස අවභාවිත කරන බවට රොෂාන් රණසිංහ මහතා මැයි මස 05 වැනි දා කඩුවෙල දිසා අධිකරණයේ දී කළ ප්‍රකාශයන්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති හා ලේකම් විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් සලකා බලමින් එම වාරණ නියෝගය නිකුත් කළා.

විත්තිකරු කළ එම අසත්‍ය චෝදනාව නිසා පෞද්ගලිකව තම ආයතනයටත්, ක්‍රීඩකයින්ටත්, තමන් ඇතුළු නිලධාරීන්ටත් දැඩි අගතියක් සිදුවන බවත්, පෙන්වා දී තිබූ පැමිණිලිකරුවන් එබැවින් විත්තිකාර රොෂාන් රණසිංහ කළ එම ප්‍රකාශයෙන් සිදු වූ හානියට රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා දෙන ලෙසත් ඉල්ලා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46