අද සිට මංගල උත්සව වලට පැනවෙන නීතිය

අද සිට මේ මස 15 වැනි දා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විවාහ මංගල උත්සවයක් සඳහා ශාලා ධාරිතාව තුනෙන් එකක් නො ඉක්මවන පරිදි උපරිමය අමුත්තන් 200ක් සහභාගි කරගත හැකියි.

එළිමහන් විවාහ උත්සව සඳහා පුද්ගලයින් 250 දෙනෙකු සහභාගි කරගත හැකි වනවා.

සිනමාශාලා සඳහා එක් දර්ශන වාරයක් සඳහා එහි ආසන ධාරිතාවයෙන් 75%කට අවසර හිමිවන අතර, කාර්යාල සහ වෘත්තිමය හමුවීම් 150කට සීමා කර තිබෙනවා.

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් 722කු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 563989 දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින් අතර විදේශයන්හි සිට පැමිණි තුන්දෙනෙකු ද වනවා.

ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 9256ක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙරේ දා සිදු වූ බවට ඊයේ තහවුරු කළ කොරෝනා මරණ 18ත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14 දහස් 346ක් දක්වා ඉහළ ගියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?