අද සිට මංගල උත්සව වලට පැනවෙන නීතිය

අද සිට මේ මස 15 වැනි දා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විවාහ මංගල උත්සවයක් සඳහා ශාලා ධාරිතාව තුනෙන් එකක් නො ඉක්මවන පරිදි උපරිමය අමුත්තන් 200ක් සහභාගි කරගත හැකියි.

එළිමහන් විවාහ උත්සව සඳහා පුද්ගලයින් 250 දෙනෙකු සහභාගි කරගත හැකි වනවා.

සිනමාශාලා සඳහා එක් දර්ශන වාරයක් සඳහා එහි ආසන ධාරිතාවයෙන් 75%කට අවසර හිමිවන අතර, කාර්යාල සහ වෘත්තිමය හමුවීම් 150කට සීමා කර තිබෙනවා.

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් 722කු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 563989 දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින් අතර විදේශයන්හි සිට පැමිණි තුන්දෙනෙකු ද වනවා.

ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 9256ක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙරේ දා සිදු වූ බවට ඊයේ තහවුරු කළ කොරෝනා මරණ 18ත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14 දහස් 346ක් දක්වා ඉහළ ගියා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16