AFC Banner
Empty Ad
Empty Ad

අද සවස ප්‍රබල අකුණු – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (06) පස්වරු 1.30ට නිකුත් කර ඇති මෙම නිවේදනය රාත්‍රී 11.00 දක්වා වලංගු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ, අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර, අම්පාර, මඩකලපුව, මන්නාරම, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවලත් අද (06) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි දැනුම් දෙන්නේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?