සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කුරුණෑගල, අනුරාධපුර, මන්නාරම, වවුනියාව මෙන්ම මුලතිව් යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල අද (07) සවස 02.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතිනා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1
1













