අද රාත්‍රියේ සිට වැසි

අද (24) රාත්‍රී කාලයේ සිට ඉදිරි දින කිහිපයේ දී උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (24) රාත්‍රී කාලයේ දී වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකියි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
5
+1
19
+1
3
+1
2
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සබ්මැරීන් බාස්ටයි, කප්පන් රාජපක්ෂටයි චමීරගෙන් සත්තමක්.."පපුවට අත තියලා කතා කරන වුන් කම්බ හොරු"
02:25
Video thumbnail
වාසුදේවගෙන් ප්‍රබල හෙළිදරව්වක්.."රංග දිසානායකට එරෙහිව අපරාධ නඩුවක් වුණත් දාන්න පුළුවන්.."
03:08
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය..ත්‍රීවිල් එක ෆ්ලැට් වෙලාම ගිහින් - කුඩේ කුඩු
01:37
Video thumbnail
ජනතාවට ඉදිරි සති දෙකේ ලොකු අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා..මෙයාලා කතාවට විතරයි දක්ෂ
02:57
Video thumbnail
කුමාර තිරිමාදුර හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ..අනිවාර්යෙන්ම ඔයාලව උසාවියට ගේනවම තමයි
02:32
Video thumbnail
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 15ක් පොලිසියෙන් කුදලන් එන හැටි
01:36
Video thumbnail
මහින්දගේ එයා‍ර් බස් සිද්ධිය ගැන රංජිත්ගෙන් සැර කතාවක්..නවීන් දැන් 'මචං' ලෙවල් එකෙන්ද..?
02:04
Video thumbnail
මේ ආණ්ඩුව තනිකරම L බෝඩ් පිනෝකියෝ ආණ්ඩුවක් වෙලා..
02:22
Video thumbnail
පෝළිම් එන්න එන්නම වැඩිවෙනවා..හොඳයිනේ වැඩේ..මෙහෙම ගියොත් හරි..ඉන්ධන ලබාගන්න පැමිණි අය කිව්ව දේ..
02:45
Video thumbnail
සජබ - එජාප එකතුවෙලා තමයි රටේ අනාගත ජනපති අගමැති හදන්නේ..රනිල් අපේ පියා - සජිත් අපේ ලොකු අයියා
01:30