ඉන්දු – ඕස්ට්‍රේලියා සිව්වන 20-20 තරගය කළුවර නිසා නවතී ද ?

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ සිව්වන තරගය අද (01) රායිපූර් හිදී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය එරට වේලාවෙන් පස්වරු 7.00ට ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අතර මෙම තරගය පැවැත්වෙන රායිපූර් හි ෂහීඩ් වීර් නාරායන් සිං ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ විදුලි සැපයුම අත්හිටුවීමට ඉන්දීය විදුලි බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ක්‍රීඩාංගණයේගේ ඉන්දීය රුපියල් කෝටි 3.16ක හිඟ විදුලි බිල නොගෙවීම හේතුවෙන් මෙලෙස විදුලි සැපයුම අත්හිටුවීමට කටයුතු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

චට්ටිස්ගාර් ප්‍රාන්ත ක්‍රිකට් සංගමයේ ඉල්ලීම පරිදි තාවකාලික විදුලි සම්බන්ධතාවයක් ස්ථාපනය කර ඇති අතර, එය ආවරණය වන්නේ ප්‍රේක්ෂකාගාරය පමණක් බවයි වාර්තා වුණේ.

මේ අතර රායිපූර් විදුලි බලධාරීන් සඳහන් කළේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තාවකාලික සම්බන්ධතාවයේ ධාරිතාවය වැඩි කිරීමට ක්‍රිකට් සංගමය ඉල්ලුම් කර ඇති බවයි.

දැනට තාවකාලික සම්බන්ධතාවයේ ධාරිතාව කිලෝවොට් 200ක් වන අතර එය කිලෝවොට් 1000ක් දක්වා වැඩි කිරීමට මෙලෙස ඉල්ලුම් කර ඇති බවයි එම බන්ධාරින් වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් තවමත් එහි වැඩ ආරම්භ කර නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර 2018 වසරේදී ද මෙම ක්‍රීඩාංගණයේ විදුලිය විසන්ධි කර ඇති අතර, ඉන් පසු මේ දක්වා මෙම ක්‍රීඩාංගණයේ පවත්වා ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තුනක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
8
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?