ඉන්දු – ඕස්ට්‍රේලියා සිව්වන 20-20 තරගය කළුවර නිසා නවතී ද ?

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ සිව්වන තරගය අද (01) රායිපූර් හිදී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය එරට වේලාවෙන් පස්වරු 7.00ට ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අතර මෙම තරගය පැවැත්වෙන රායිපූර් හි ෂහීඩ් වීර් නාරායන් සිං ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ විදුලි සැපයුම අත්හිටුවීමට ඉන්දීය විදුලි බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ක්‍රීඩාංගණයේගේ ඉන්දීය රුපියල් කෝටි 3.16ක හිඟ විදුලි බිල නොගෙවීම හේතුවෙන් මෙලෙස විදුලි සැපයුම අත්හිටුවීමට කටයුතු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

චට්ටිස්ගාර් ප්‍රාන්ත ක්‍රිකට් සංගමයේ ඉල්ලීම පරිදි තාවකාලික විදුලි සම්බන්ධතාවයක් ස්ථාපනය කර ඇති අතර, එය ආවරණය වන්නේ ප්‍රේක්ෂකාගාරය පමණක් බවයි වාර්තා වුණේ.

මේ අතර රායිපූර් විදුලි බලධාරීන් සඳහන් කළේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තාවකාලික සම්බන්ධතාවයේ ධාරිතාවය වැඩි කිරීමට ක්‍රිකට් සංගමය ඉල්ලුම් කර ඇති බවයි.

දැනට තාවකාලික සම්බන්ධතාවයේ ධාරිතාව කිලෝවොට් 200ක් වන අතර එය කිලෝවොට් 1000ක් දක්වා වැඩි කිරීමට මෙලෙස ඉල්ලුම් කර ඇති බවයි එම බන්ධාරින් වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් තවමත් එහි වැඩ ආරම්භ කර නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර 2018 වසරේදී ද මෙම ක්‍රීඩාංගණයේ විදුලිය විසන්ධි කර ඇති අතර, ඉන් පසු මේ දක්වා මෙම ක්‍රීඩාංගණයේ පවත්වා ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තුනක් පමණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16