අද පාර්ලිමේන්තුව ඉතා තීරණාත්මක බව දේශපාලක විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇති බවට පැතිර යන ආරංචිය මෙයට එක් හේතුවක් වන අතර එය කුමන ආකාරයක කාරනාවක් ද වග පිළිබඳව කිසිදු තොරතුරක් තවමත් වාර්තා වී නැහැ.
ඒ අතරම නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම හමුවේ පුරප්පාඩුව පවතින එම ධුරය සඳහා කෙනෙක් තෝරා ගැනීමද අද සිද්ධ වීමට නියමිතයි.
සමගි ජන බලවේගය ඊයේ තීරණය කර තිබුනේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මහතාගේ නම යෝජනා කිරීමටයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




