අද පස්වරුවේ ප්‍රබල අකුණු – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මධ්‍යම, ඌව, සබරහමුව, නැගෙනහිර පළාත් සහ හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට අද (03) සවස් කාලයේ දී හෝ රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ, අනුව අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන එම ප්‍රදේශවල තාවකාලික සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?