දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අද (31) දිනය තුළ පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එමෙන්ම දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල ද ප්‍රධාන වශයෙන් වැසි රහිත තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 20-30 පමණ වනවා.
මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විටපැයට කිලෝ මීටර් 40-50 පමණ වැඩිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
එමෙන්ම මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය ජ්හැකි අතර,දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයක් පවතිනවා.




