AFC Banner
Empty Ad
Empty Ad

අද දිනයේ ඉන්ධන බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි

අද දිනයේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් ඉන්ධන බෙදාහැරීම සිදු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එමෙන්ම දිවයිනේ පිරවුම් හල් කිහිපයක් විවෘත කර තැබීමට උපදෙස් දුන් බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජේෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කර සිටිනවා.

පිරවුම්හල් සඳහා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු හෙට දිනයේ සිට ආරම්භ කරන බවද එම ප්‍රකාශකයා සඳහන් කර සිටියේ.

එමෙන්ම ගම්බිම් බලා ගිය ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන දිවයිනේ සියලු ප්‍රදේශ වෙත ලබාදීමට ඉදිරි දින දෙක තුළ දී කටයුතු කරන බව ද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුනා.

ඊයේ රාත්‍රිය වනවිටත් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?