AFC Banner
AFC Banner
Empty Ad

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනසක්

ඉන්දියාව සමඟ අද පැවැත්වෙන අවසන් විස්සයි විස්ස තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකරනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව පළමු තරග දෙකේ දී අසාර්ථක වූ භානුක රාජපක්ෂ වෙනුවට නිමා වූ එල්.පී.එල්. තරගවලියේ දී පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් වූ ප්‍රහාරාත්මක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවනු ඇති බවයි වාර්තා වන්නේ.

අබාධයකට ලක්ව දණහිසේ ශල්‍යකර්මයකට භාජනය කිරීම අනතුරුව කලක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවූ අවිශ්කට අද දිනයේ දී ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවනවා.

මේ අතර ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් ප්‍රකාශ කළේ ආබාධයක් ඇතිවුවහොත් මිස ඉන්දීය කණ්ඩායමේ වැඩි වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බවයි.

අද තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.00ට රාජ්කොට් හි සෞරාෂ්ට්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?