අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනසක්

ඉන්දියාව සමඟ අද පැවැත්වෙන අවසන් විස්සයි විස්ස තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකරනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව පළමු තරග දෙකේ දී අසාර්ථක වූ භානුක රාජපක්ෂ වෙනුවට නිමා වූ එල්.පී.එල්. තරගවලියේ දී පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් වූ ප්‍රහාරාත්මක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවනු ඇති බවයි වාර්තා වන්නේ.

අබාධයකට ලක්ව දණහිසේ ශල්‍යකර්මයකට භාජනය කිරීම අනතුරුව කලක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවූ අවිශ්කට අද දිනයේ දී ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවනවා.

මේ අතර ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් ප්‍රකාශ කළේ ආබාධයක් ඇතිවුවහොත් මිස ඉන්දීය කණ්ඩායමේ වැඩි වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බවයි.

අද තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.00ට රාජ්කොට් හි සෞරාෂ්ට්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14