අද තරගයෙන් කොදෙව් කණ්ඩායමට සුපිරි ජයක්

ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ සුපර් සික්ස් වටයේ තවත් තරගයක් අද පැවැත්වුණි.

ඒ ඕමානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරයි.මෙම තරගයෙන් කඩුලු 7ක ජයක් ලබාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕමාන කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 221ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම පන්දුවාර 39යි පන්දු 4කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 222ක් රැස්කරගනිමින් තරගයේ ජයග්‍රහණය හිමිකර ගත්තා.

කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනගිය නායක ෂායි හෝප් නොදැවී ලකුණු 63ක් රැස්කළා.

මෙම තරගය කොදෙව් කණ්ඩායම ජය ලැබුවද සුපර් සික්ස් වටයේ මීට පෙර පැවති තරග කිසිවක් ජයගැනීමට නොහැකිවීය.

මෙම කණ්ඩායම් දෙකටම මෙවර ලෝක කුසලාන බලාපොරොත්තු අත්හැරිමට සිදු විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
2
+1
2
+1
3
+1
6
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?