අද උදෑසන ලංකාවට ගෙනාව ලෑන්ඩ් කෲෂර් රථය ගෙනාවේ කවුද ? ඇත්ත නැත්ත මෙන්න

ටොයොටා ලෑන්ඩ් කෲෂර් 300 නවීනතම මෝටර් රථයක් අද උදෑසන හම්බන්තොට වරායෙන් මෙරටට රැගෙන එනු ලැබුවා.  තීරු බදු රහිතව රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති මේ මෝටර් රථය හම්බන්තොට වරාය පරිශ්‍රයට පැමිණි වහාම කාගෙත් අවධානය ඊට යොමු වූයේ රථවාහන ආනයනයට දැඩි සීමා පනවා ඇති පසුබිමක මේ රථය මෙරටට පැමිණියේ, කෙලෙස ද යන්න යි.

මේ වර්ගයේ මෝටර් රථයක්, සාමාන්‍ය තීරුබදු සහ ඊට අදාළ අනෙකුත් බදු එකතු වූ විට වටිනාකම රුපියල් කෝටි අටකට ආසන්න වනවා.  සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය වූ මේ ඡායාරූප පෙළ, නෙත ගැටුණු සැණින් ඒ පිළිබඳව ගැඹුරින් විමසා බලන්නට අප තීරණය කළේ ඊයේ (09) මුදල් අමාත්‍යවරයා මෙරට ආර්ථිකය වැටී ඇති දරුණු ප්‍රපාතය පිළිබඳවත් සිහියට නඟා ගනිමින්.

මේ සම්බන්ධයෙන් හම්බන්තොට වරායෙන් සහ ශ්‍රී ලංකා රේගුවෙන් සිදු කළ විමසීම්වලදී අප සැමගේ සිත් තුළ කුකුසක් මතු කළ පැනයට පිළිතුරු ලැබුණා.

ඒ අනුව, මේ නවීනතම ටොයොටා ලෑන්ඩ් කෲෂර් 300 වර්ගයේ මෝටර් රථය ආනයනය කර ඇත්තේ , තානාපති වරප්‍රසාද යටතේ අමරිකානු තානාපති කාර්යාලයට යි.  තානාපති කාර්යාලවලට නව රථවාහන ගෙන්වීම සඳහා කිසිදු බාධාවක් පැනවී නැහැ.  එමෙන්ම , රුපියල් කෝටි හය හමාරකට අධික අය විය යුතු බදු ද තානාපති කාර්යාල වෙත ආනයනය කරන රථවාහන වෙනුවෙන්, අය නොකෙරෙන්නෙ එයත් විශේෂ තානාපති වරප්‍රසාදයක් වන බැවිනුයි.  සමාජ මාධ්‍ය යේ ප්‍රශ්නාර්ථ නඟමින්, සංසරණය වූ ඡායාරූපයේ ඇත්ත කතාව මෙයයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
43
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?