අනිද්දා (22) දිනය පමණ වන විට ගිනිකොණ දිග, බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතින බවත් පසුව එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කරනු ඇති බවට බලාපොරොත්තු වන කාලගුණ විද්‍යා දෙපර්තමෙන්ට්‍ර්හුව නිවේදනය කර තිබෙනවා.
එමෙන්ම අද (20) දිනයේදී උතුරු, උතුරු – මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ නිවේදනයේ පැවසෙනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ද පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද බලපොරෝර්ත්තුව වන බව එම නිවේදනයේ සඳහන් වනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.





