අතුරුදහන් වූ 15 හැවිරිදි දැරිය, සුරක්ෂිතව මෙහෙණි අරණක

පසුගිය 07 වැනිදා සිට අතුරුදන් බවට වාර්තා වූ මහරගම – නාවින්නේ පදිංචි 15 හැවිරිදි දැරිය ඇයගේ මව මුණ ගැසීමට පැමිණ තිබෙනවා.
ඒ, මවට දුරකතන ඇමතුමක් ද ලබාදීමෙන් අනතුරුවයි.

ඇය මවට දුරකතන ඇමතුම ලබා දී ඇත්තේ ඇය ආගිය අතක් නොමැති බවට පොලිසියෙන් කළ දැනුවත් කිරීමට අනුව ප්‍රචාරය වූ මාධ්‍ය වාර්තා දැකීමෙන් පසුව වීම ද විශේෂත්වයක්.

මව විසින් කළ පැමිණිල්ලකට අනුවයි පොලිසිය අදාළ වාර්තාව නිකුත් කළේ.

ඒ අනුව දැරිය කුරුණෑගල ප්‍රදේශයේ සිට මව හමුවීමට පැමිණ ඇති අතර, ඇයගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
 විමර්ශන මෙහෙය වන උසස් නිලධාරියෙකු සඳහන් කළේ පසුගිය 07 වැනිදා සිට මව හමුවීමට පැමිණෙන තෙක්ම දැරිය මෙහෙණින් වහන්සේලා රැඳී සිටින ස්ථානයක කාලය ගතකර ඇති බවයි.

යම් කලකිරීම් තත්ත්වයක් නිසා ඇය එහි ගොස් රැඳී සිට ඇති බවට දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !