අතුරුදන් වූ දුම්රිය කාර්මික ශිල්පියාගේ මළ සිරුර හමුවෙයි

ඊයේ (05) අලුයම 1.30ට පමණ අතුරුදන් වූ දෙමටගොඩ දුම්රිය සේවකයාගේ මළ සිරුර හමු වී තිබෙනවා.

එම දුම්රිය ස්ථානයේ සේවකයින් පිරිසක් විසින් සිදු කරන ලද සෝදිසි කිරීමකදී මෙම පුද්ගලයාගේ මළ සිරුර හමුව ඇත්තේ දුම්රිය ධාවනාගාරය ආසන්නයේ පිහිටා ඇති ළිඳකින් බවයි වාර්තා වන්නේ.

මාතර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි නායකගේ සුජීව කුමාර නමැත්තෙකු මෙලෙස අතුරුදන් වුණා.

මෙම අතුරුදන් වීමත් සමග ඊයේ රාත්‍රියේ දී දෙමටගොඩ දුම්රිය සේවකයින් වැඩ වර්ජනයක් සිදු කිරීමටයි පියවර ගැනුණේ.

ඒ අදාළ පුද්ගලයා අතුරුදන් වීමෙන් පසුව ඔහු සමග සේවය කළ පිරිස දෙමටගොඩ පොලිසියේ සිදු කළ පැමිණිල්ලට නිසි ප‍රිදි පොලිසිය විසින් විමර්ශන සිදු නොකරන බවට දන්වමින්.

ඊයේ අදාළ පුද්ගලයාගේ යැයි සැලකෙන ජංගම දූරකථනයක්, මුදල් පසුම්බියක් සහ පාවහන් යුගලයක් ධාවනාගාරයේ ළිඳක් ආසන්නයේ තිබී සොයා ගැනීමෙන් පසුව පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරීන් පැමිණ ළිඳෙහි සෝදිසි මෙහෙයුම් දියත් කෙරුණ ද මළ සිරුර සොයා ගැනීමට හැකි වූයේ නැහැ.

කෙසේවෙතත් පොලිසිය නිසි පරිදි ඔවුන්ගේ විමර්ශන කටයුතු සිදු නොකරන බවට පවසමින් ක්‍රියාත්මක කළ දුම් රිය සේවක වර්ජනය හේතුවෙන් ඊයේ සහ අද දිනයේ දී දැඩි ලෙස මගී ජනතාව පීඩාවට පත් වූ අතර ඊට මෙරට සංචාරයට එක් ව සිටින විදේශකයින් පිරිසක් ද මුහුණදුන්නා.

එම විදේශිකයින් පවසා සිටියේ මෙවැනි සිද්ධීන් නිසා සිය සැලසුම් සියල්ල විනාශ වූ බවත් යළිත් කිසිදිනෙක ශ්‍රී ලංකාවේ සංචාරයට නොපැමිණෙන බවයි.

මෙවන් පසුබිමකදියි අතුරුදන් වූ පුද්ගලයාගේ සෙරෙප්පු ඇතුළු පෞද්ගලික දෑ හමු වූ ළිඳ් ආසන්නයේ පිහිටි තවත් ළිඳක තිබී මෙම මළ සිරුර අද දහවල් පොලිස් නාවික නිලධාරීන් විසින් සොයා ගැනුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
14
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?