අතුරුදන් වූ දුම්රිය කාර්මික ශිල්පියාගේ මළ සිරුර හමුවෙයි

ඊයේ (05) අලුයම 1.30ට පමණ අතුරුදන් වූ දෙමටගොඩ දුම්රිය සේවකයාගේ මළ සිරුර හමු වී තිබෙනවා.

එම දුම්රිය ස්ථානයේ සේවකයින් පිරිසක් විසින් සිදු කරන ලද සෝදිසි කිරීමකදී මෙම පුද්ගලයාගේ මළ සිරුර හමුව ඇත්තේ දුම්රිය ධාවනාගාරය ආසන්නයේ පිහිටා ඇති ළිඳකින් බවයි වාර්තා වන්නේ.

මාතර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි නායකගේ සුජීව කුමාර නමැත්තෙකු මෙලෙස අතුරුදන් වුණා.

මෙම අතුරුදන් වීමත් සමග ඊයේ රාත්‍රියේ දී දෙමටගොඩ දුම්රිය සේවකයින් වැඩ වර්ජනයක් සිදු කිරීමටයි පියවර ගැනුණේ.

ඒ අදාළ පුද්ගලයා අතුරුදන් වීමෙන් පසුව ඔහු සමග සේවය කළ පිරිස දෙමටගොඩ පොලිසියේ සිදු කළ පැමිණිල්ලට නිසි ප‍රිදි පොලිසිය විසින් විමර්ශන සිදු නොකරන බවට දන්වමින්.

ඊයේ අදාළ පුද්ගලයාගේ යැයි සැලකෙන ජංගම දූරකථනයක්, මුදල් පසුම්බියක් සහ පාවහන් යුගලයක් ධාවනාගාරයේ ළිඳක් ආසන්නයේ තිබී සොයා ගැනීමෙන් පසුව පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරීන් පැමිණ ළිඳෙහි සෝදිසි මෙහෙයුම් දියත් කෙරුණ ද මළ සිරුර සොයා ගැනීමට හැකි වූයේ නැහැ.

කෙසේවෙතත් පොලිසිය නිසි පරිදි ඔවුන්ගේ විමර්ශන කටයුතු සිදු නොකරන බවට පවසමින් ක්‍රියාත්මක කළ දුම් රිය සේවක වර්ජනය හේතුවෙන් ඊයේ සහ අද දිනයේ දී දැඩි ලෙස මගී ජනතාව පීඩාවට පත් වූ අතර ඊට මෙරට සංචාරයට එක් ව සිටින විදේශකයින් පිරිසක් ද මුහුණදුන්නා.

එම විදේශිකයින් පවසා සිටියේ මෙවැනි සිද්ධීන් නිසා සිය සැලසුම් සියල්ල විනාශ වූ බවත් යළිත් කිසිදිනෙක ශ්‍රී ලංකාවේ සංචාරයට නොපැමිණෙන බවයි.

මෙවන් පසුබිමකදියි අතුරුදන් වූ පුද්ගලයාගේ සෙරෙප්පු ඇතුළු පෞද්ගලික දෑ හමු වූ ළිඳ් ආසන්නයේ පිහිටි තවත් ළිඳක තිබී මෙම මළ සිරුර අද දහවල් පොලිස් නාවික නිලධාරීන් විසින් සොයා ගැනුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18