අතුරුදන්ව සිටි කතගේ සිරුර නිවසේ ඇඳක් යට පෙට්ටියක් තුළින් සොයාගෙන

දින කිහිපයක් අතුරුදන්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් ඇයගේම නිවසේ ඇඳක් යට පෙට්ටියක් තුළ තිබිය දී සොයාගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පොලිතින් උරවල ඔතා පෙට්ටියක් තුළ දමා තිබිය දී ඊසානදිග දිල්ලි හි නන්ද් නාග්‍රි ප්‍රදේශයේ නිවසක් තුළින් ඊයේ (15) මෙම මළ සිරුර සොයාගෙන තිබෙනවා.

පසුගිය 10 වනදා සිට අදාළ 60 හැවිරිදි කාන්තාව අතුරුදන්ව ඇති අතර, ඊට දින තුනකට පසුඅ එනම් 13 වනදා අයගේ පුත්‍රයා විසින් තම මවගේ මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් අදාළ කාන්තාවගේ පවුලේ සාමාජිකයින් ඊයේ පොලිසියට ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ සිය නිවසේ මහලේ කාමරයකින් දුර්ගන්ධයක් වහනය වන බවයි.

පසුව පොලිසිය පැමිණ මේ සම්බන්ධයෙන් පරීකෂා කිරීමේ ද අදාළ කාන්තාවගේ මළ සිරුර ඇදක් යට තිබූ පෙට්ටියක් තුළින් සොයාගෙන තිබෙනවා.

අපරාධ හා අධිකරණ වෛද්‍ය කණ්ඩායම පරීක්‍ෂණය සඳහා එම ස්ථානයට ගොස් සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා මෘත ශරීරාගාරයට රැගෙන ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

නිවසින් පිටත සිට නිවස තුළට පැමිණි පුද්ගලින් සම්බ්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා අවට ඇති ආරක්‍ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීම පොලිසිය මේ වනවිටත් ආරම්භකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36