AFC Banner
Empty Ad
Empty Ad

අති සුඛෝපභෝගී ජීප් රථ දෙකේ ඇත්ත කතාව

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ප්‍රවාහනය කෙරෙන අතිසුඛෝපභෝගී ක්‍රයිස්ලර් එස්කලාර්ඩේ ජීප් රථ දෙකක් සම්බන්ධයෙන් වන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය වනවා.

එම වාහන දෙක ප්‍රවාහනය කෙරෙන ආකාරය වීඩියෝගත කරනුයේ ඊට පසු පසින් ගමන් ගන්නා තවත් වහනයක සිටිනා පුද්ගලයෙක්.

එමෙන්ම ඔහු එම රූගත කිරීම සිදු කරන අවස්ථාවේ මෙම රථවාහන මෙරටට ගෙන ආ ආකාරය සහ මේ වන විට රථ වාහන ආනයනයට තහනමක් පනවා ඇති මොහොතක මෙලෙස රථ වාහන ලංකාවට පැමිණෙන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ද ප්‍රශ්න කිරීමක් සිදු කරනවා.

අප මේ කාරණය සම්බන්ධයෙන් යම් සොයා බැලීමක් සිදු කළා.

එම සොයා බැලීමේ දී අපට දැන ගන්නට ලැබුණේ, අදාළ අති සුඛෝපභෝගී ජීප් රථ දෙක ම ඇමරිකාවේ සිට මෙරටට ආනයනය කර ඒවා බව යි.

එමෙන්ම එම රථවල මෙහි දී යම් යම් නිෂ්පාදන වෙනස්කම් සිදු කර ඒවා නැවත ඔස්ට්‍රෙලියාව වෙත ප්‍රතිඅපනයනය කරනු ලබනවා.

මෙලෙස වමෙන් ධාවනය කරනු ලබන ඇමෙරිකානු අති සුඛෝපභෝගී රථ වාහන වන ක්‍රයිස්ලර්, කැඩිලැක්, ජී.එම්.සී ආදී සුපිරි පැලැන්තියේ වාහන එරට සිට ශ්‍රී ලංකාවට ආනයනය කර මෙහි දී ඔස්ට්‍රෙලියානු මාර්ග රථ වාහන නීති රීතිවලට අනුකූල වන සේ දකුණෙන් ධාවනය කළ හැකි වන පරිදි නවීකරණය කොට නැවත එම මෝටර් රථ ඔස්ට්‍රෙලියාව වෙත ප්‍රතිඅපනයනය කරනු ලබන ව්‍යාපාරයක් ක්‍රියාත්මක වනවා.

මෙම එකලස් කිරීම සිදු කෙරෙන්නේ, කඩුවෙල ප්‍රදේශයේ ඔවුන් විසින් පවත්වාගෙන යනු ලබන අතිනවීන කර්මාන්ත ශාලාවක් තුළ යි.

අදාල සුඛෝපභෝගී ජීප් රථ දෙක ද එලෙස නවීකරණය කිරීමෙන් අනතුරු ව ප්‍රතිඅපනයනය සඳහා නැවත රැගෙන යන අතරවාරයේදී යි මෙලෙස ඒ පසුපසින් ගමන් ගත් තවත් වාහනයක සිටි පුද්ගලයකු විසින් අදාළ වීඩියෝගත කිරීම සිදු කර ඇත්තේ.

සමාජ මාධ්‍යයේ හුවමාරු වු විඩියෝව

https://www.youtube.com/watch?v=NHeMOTdke_k&t=6s
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?