අති දුර්ලභ රක්ෂිත ශාකපත්‍ර ජාවාරම් කළ දෙදෙනකු රිමාන්ඩ්

අතිදුර්ලභ රක්ෂිත ‘ශාක පත්‍ර’ ජාවාරමක් සිදු කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම ශාක පත්‍රවල වටිනාකම රුපියල් 350,000 ඉක්මවන බවයි.

මෙම ශාකපත්‍ර පටවා ගත් ලොරි රථයක් නුවරඑළිය දිසා වන නිලධාරීන් සිදු කළ පරීක්ෂාවකදියි අත්අඩංගුවට ගැනුණේ.

නුවරඑළිය – කඳපොළ, සීතාඑළිය රක්ෂිත වනාන්තරයෙන් අනවසරෙන් කපා ප්‍රවාහනයට සූදානම් කර තිබූ ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ දුර්ලභ ශාක විශේෂයක් වන SYZYGIUM ROTUNDIFOLIUM යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන වටපත් දඹ ශාකයේ අතු කැබලි 6500ක් අසුරන ලද පෙට්ටි 25 පැටවූ ලොරියක් මෙලෙස වන නිලධාරී භාරයට ගෙන තිබෙනවා.

මෙම වැටලීම පසුගියදා (04) රාත්‍රියේ දී සිදු කෙරුණේ පිළිමාන ප්‍රදේශයේ දීයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කි‍රීමෙන් අනතුරුව ඔවුන් ව එළඹෙන 13 තෙක් රිමාන්ඩ් භාරයට පත් කිරීමටයි නියෝග කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | “ගමන හිතකර ද ? - කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
ආණ්ඩුවක් ලබාගත්තාම කරන වැඩේ දිලිත් කියයි
02:14
Video thumbnail
මුන් පුන්නක්කු ගොඩ කරගෙන මෙතනට ආවා
02:18
Video thumbnail
ජනාධිපතිතුමා යාපනය ශ්‍රී නාග විහාරයට යයි
01:01
Video thumbnail
මොඩියුලර් ක්‍රමය නැවත ඉල්ලලා මාතර දැඩි උණුසුම් වෙයි..අපි කාටවත් කඩේ යනවා නෙවෙයි මේ
03:55
Video thumbnail
ආණ්ඩුව ගෙදර යවන්න සජබ කණ්ඩායමක් පාරට බහී
06:57
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31


?