අති දුර්ලභ රක්ෂිත ශාකපත්‍ර ජාවාරම් කළ දෙදෙනකු රිමාන්ඩ්

අතිදුර්ලභ රක්ෂිත ‘ශාක පත්‍ර’ ජාවාරමක් සිදු කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම ශාක පත්‍රවල වටිනාකම රුපියල් 350,000 ඉක්මවන බවයි.

මෙම ශාකපත්‍ර පටවා ගත් ලොරි රථයක් නුවරඑළිය දිසා වන නිලධාරීන් සිදු කළ පරීක්ෂාවකදියි අත්අඩංගුවට ගැනුණේ.

නුවරඑළිය – කඳපොළ, සීතාඑළිය රක්ෂිත වනාන්තරයෙන් අනවසරෙන් කපා ප්‍රවාහනයට සූදානම් කර තිබූ ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ දුර්ලභ ශාක විශේෂයක් වන SYZYGIUM ROTUNDIFOLIUM යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන වටපත් දඹ ශාකයේ අතු කැබලි 6500ක් අසුරන ලද පෙට්ටි 25 පැටවූ ලොරියක් මෙලෙස වන නිලධාරී භාරයට ගෙන තිබෙනවා.

මෙම වැටලීම පසුගියදා (04) රාත්‍රියේ දී සිදු කෙරුණේ පිළිමාන ප්‍රදේශයේ දීයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කි‍රීමෙන් අනතුරුව ඔවුන් ව එළඹෙන 13 තෙක් රිමාන්ඩ් භාරයට පත් කිරීමටයි නියෝග කෙරුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15