Empty Ad
AFC Banner
Empty Ad

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට අදාළ හදිසි නීති පාර්ලිමේන්තුවට

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ ආහාර සැඟවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරුණු හදිසි නීති රෙගුලාසි, අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

ඊට අදාළ විවාදය උදෑසන 10.30ට ආරම්භ වන අතර, පස්වරු 4.30ට ඒ පිළිබඳ ඡන්ද විමසීමක් ද පැවැත්වෙනු ඇති. කෙසේ වෙතත්, එම රෙගුලාසිවලට එරෙහි ව ඡන්දය භාවිත කිරීමට ජාතික ජනබලවේගය සහ සමඟි ජන බලවේගය තීරණය කර තිබෙනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ සමඟි ජන බලවේගය ද පසුගිය දා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරුණු හදිසි නීති රෙගුලාසිවලට එරෙහි ව ඡන්දය ප්‍රකාශ කරන බව යි. දෙමළ ජාතික සන්ධානය ඡන්ද විමසීමේ දී ගනු ලබන තීරණය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර, අද දිනයේ රැස් වී ඒ සම්බන්ධයෙන් තීරණය කරන බව යි එම සන්ධානය නියෝජනය කරන ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර, පාරිභෝගික අධිකාරිය විසින් වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන්නන්ට එරෙහි ව  පනවා ඇති දඩ මුදල සංශෝධනයට අදාළ යෝජනාව ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

උපරිම සිල්ලර මිලක් නියම කර ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට අලෙවි කරන වෙළඳුන්ගෙන් මෙතෙක් අය කළ රුපියල් 1000ක් ව තිබූ දඩය රුපියල් ලක්ෂය දක්වා වැඩි කෙරුණු අතර, ඊට ගැලපෙන පරිදි සෙසු දඩ මුදල් ඉහළ නංවමින් පසුගියදා ගැසට් නිවේදනයක් ද නිකුත් කෙරුණා.එමෙන්ම, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කොරෝනා පරීක්ෂාවක් සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා. ඊට පාර්ලිමේන්තු සේවකයින්ට සහ පාර්ලිමේන්තු සැසිවාරය ආවරණය කරන මාධ්‍යවේදීන්ට ද සහභාගි විය හැකි බවයි පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආදයම් උත්පාදනය කරන්න මොනවද තියෙන සැලසුම් ?
02:39
Video thumbnail
PRAHARAYA | ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහභාගීවන ප්‍රහාරය සජීවීව
01:26:21
Video thumbnail
නාමල් කරුණාරත්න කරුණු සන්නිවේදනය කරන විදියේ අවුලක් තියෙනවා
09:46
Video thumbnail
දේශපාලන සොක්කෝ සනසවපු - ආණ්ඩුවේ ඉඩම් ගැන විමර්ශනයක්
02:58
Video thumbnail
උත්තම ශ්‍රී දළදා ප්‍රදර්ශනයට පෙර රටවාසී ලෝකවාසී සියලුම දෙනාට විශේෂ දැනුවත් කිරීමක්
10:30
Video thumbnail
IOC ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමයෙන් විශේෂ ප්‍රකාශයක්
06:07
Video thumbnail
තෙල් බෙදුම්කරුවන් CIDයෙන් එළියට ඇවිත් - කළ විශේෂ ප්‍රකාශය
05:39
Video thumbnail
රිලව් මොණරු අල්ලන එක - ප්‍රායෝගික වැඩක් නෙවෙයි - මෙයාලා මේ ඇදගෙන නාන්නේ
07:30
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
05:47:19
Video thumbnail
රවී කුමුදේශ් ඇමති නලින්දට - වගකීම මතක් කරයි #nalindajayatissa
02:34

?