අත්‍යවශ්‍ය කරුණකට හැර රෝහලට එන්න එපා කොවිඩ් ප්‍රතිකාර පමණයි

වෛද්‍යවරුන්ට පමණක් වැටුප් සහ දීමනා ලබා දීමට එරෙහිව සියලු රෝහල්වල සෞඛ්‍ය සේවකයන් අද (11 වැනිදා) වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට නියමිතය. මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සඳහා සියයකට අධික සෞඛ්‍ය සේවාවන්වල කාර්ය මණ්ඩල සාමාජිකයෝ 75000ක් පමණ සහභාගි වන බව පරිපූරක වෛද්‍ය වෘත්තිය වේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් පැවසීය.

ඊයේ (10 වැනිදා) කොළඹ පැවැති සෞඛ්‍ය වෘත්තිය සමිති කමිටුවේ මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව සඳහන් කළ අතර එහි දී ඔහු කියා සිටියේ අද (11 වැනිදා) උදෑසන 7.00 සිට දහවල් 12.00 දක්වා මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.

එබැවින් කොවිඩ් සඳහා ප්‍රතිකාර ගැනීම හැර අත්‍යවශ්‍ය හේතුවක් නොමැති නම් අද (11 වැනිදා) රෝහල් කරා නොපැමිණෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙහි දී අදහස් දක්වමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළේ විශේෂිත රෝහල් 15ක් සහ කොවිඩ් රෝහල් සහ ආයතන 125 හැර අනෙකුත් රෝහල්වල මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවය.

මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයෙන් කොවිඩ් ආසාදිතයන් හට කිසිදු අගතියක් සිදු නොවීමට වගබලාගන්නා බවද ඔහු සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09