අත්පුඩි ගසා යතුරුපැදිය නවත්වා මූණට මිරිස් කුඩූ ගසා කොල්ලකෑ මුදල්

අත්පුඩි ගසා යතුරු පැදියෙන් යමින් සිටි මාළු ව්‍යාපාරිකයා ව නවතා මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල කර; රුපියල් 97000ක මුදලක් කොල්ල කෑමේ පුවතක් පයාගලින් වාර්තා වනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ; මැහිමුල්ල ප්‍රදේශයේ දීයි.

පයාගල සිට දොඩම්ගොඩ ව්‍යාපාරික ස්ථානයට යතුරුපැදියෙන් මාළු රැගෙන යමින් සිටිය දී පුද්ගලයෙකු ව්‍යාපාරිකයා දෙස බලමින් අත්පුඩි ගසා ඇති අතර; ඔහු සිය යතුරුපැදිය නතර කර තිබෙනවා.

එම අවස්ථාවේ දී ඔහු අසලට පැමිණි පුද්ගලයෙකු ” සල්ලි කීයක් හරි ඕනේ” යැයි පවසා ඇති අතර ව්‍යාපාරිකයා එම පුද්ගලයාට රුපියල් 500ක මුදල් නෝට්ටුවක් ලබාදීමට සූදානම් වීමේදී එම පුද්ගලයා ව්‍යාපාරිකයා අමතා “නෑ මට ලොකු ගානක් ඕනේ “යැයි පවසමින් යතුරුපැදිය තල්ලු කර ව්‍යාපාරිකයා බිම වැටුණු පසු ඔහුගේ මූණට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඉනේ බැඳ තිබූ මුදල් අඩංගු පසුම්බිය කොල්ලකා සැකකරු පලා ගොස් තිබෙනවා.

කොල්ලකෑම සිදු කළ පුද්ගලයා කවුරුන් දැයි මේ වනවිට හඳුනා ගෙන ඇති බවත් චුන් පාන් අලෙවි කරන්නෙකු බවත් මීට පෙර ද මෙම සැකකරු මුදල් කොල්ලකෑමකට හසු වූවෙකු බවත් පයාගල පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලින් හෙළි ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46