AFC Banner
AFC Banner
Empty Ad

අත්පුඩි ගසා යතුරුපැදිය නවත්වා මූණට මිරිස් කුඩූ ගසා කොල්ලකෑ මුදල්

අත්පුඩි ගසා යතුරු පැදියෙන් යමින් සිටි මාළු ව්‍යාපාරිකයා ව නවතා මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල කර; රුපියල් 97000ක මුදලක් කොල්ල කෑමේ පුවතක් පයාගලින් වාර්තා වනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ; මැහිමුල්ල ප්‍රදේශයේ දීයි.

පයාගල සිට දොඩම්ගොඩ ව්‍යාපාරික ස්ථානයට යතුරුපැදියෙන් මාළු රැගෙන යමින් සිටිය දී පුද්ගලයෙකු ව්‍යාපාරිකයා දෙස බලමින් අත්පුඩි ගසා ඇති අතර; ඔහු සිය යතුරුපැදිය නතර කර තිබෙනවා.

එම අවස්ථාවේ දී ඔහු අසලට පැමිණි පුද්ගලයෙකු ” සල්ලි කීයක් හරි ඕනේ” යැයි පවසා ඇති අතර ව්‍යාපාරිකයා එම පුද්ගලයාට රුපියල් 500ක මුදල් නෝට්ටුවක් ලබාදීමට සූදානම් වීමේදී එම පුද්ගලයා ව්‍යාපාරිකයා අමතා “නෑ මට ලොකු ගානක් ඕනේ “යැයි පවසමින් යතුරුපැදිය තල්ලු කර ව්‍යාපාරිකයා බිම වැටුණු පසු ඔහුගේ මූණට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඉනේ බැඳ තිබූ මුදල් අඩංගු පසුම්බිය කොල්ලකා සැකකරු පලා ගොස් තිබෙනවා.

කොල්ලකෑම සිදු කළ පුද්ගලයා කවුරුන් දැයි මේ වනවිට හඳුනා ගෙන ඇති බවත් චුන් පාන් අලෙවි කරන්නෙකු බවත් මීට පෙර ද මෙම සැකකරු මුදල් කොල්ලකෑමකට හසු වූවෙකු බවත් පයාගල පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලින් හෙළි ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?