නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයෙක් වාහනයකින් පොලීසියට රැගෙන එමින් සිටියදී අදාල පුද්ගලයා රථයෙන් බිමට පැනීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටියදී මියගොස් තිබෙනවා.
අදාල පුද්ගලයා පානදුර ප්‍රදේශයේ දී ඊයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 48 හැවිරිදි වියේ පසුවූ අයෙක්.
සැකකරු අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම්කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක ආරම්භකර තිබෙනවා.
මියගිය පුද්ගලයා දැඩි ලෙස මත්කුඩු වලට ඇබ්බැහි වූවෙක් බවටයි අනාවරණය වී ඇත්තේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1