අඩු ආදායම් ලාභීන්ගේ බොඳව ගිය සිහිනය….අලුත් අවුරුදු පන්දහසේ දීමනාව අහෝසියි…

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම් ලාභී පවුල් සඳහා රජය විසින් ලබා දීමට නියමිතව තිබු රුපියල් 5000 දීමනාව අමාත්‍ය මණ්ඩලය ඉවත්වීමත් නිසා අහෝසි වී ගිය බව වෙළෙඳ, සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

රුපියල් 5000 බැගින් වූ එම දීමනාව මාස 02ක කාලයක් අඩු ආදායම් ලාභීන් සඳහා ලබාදීමටයි පසුගිය (28) වැනිදා රැස් වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබුණේ.

ඒ සඳහා අමත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුන බව ද එවකට හිටපු බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කලේ.

එහෙත් එම දීමනාව ලබා දීම සම්බන්ධව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සැලසුම් සකස් කිරීමට පෙර කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීම හේතුවෙන් එම දීමනාව ලබා දීමට නොහැකි තත්වයක් මතු වූ බව අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.

එයට අමතරව රජයට එරෙහිව රට තුළ මතු වූ විරෝධතා රැල්ලක් හේතුවෙන් රටේ ව්‍යාකුල තත්වයක් නිර්මාණය කිරීමත් නිසා එම දීමනාව ලබා දීමට සුදුසුකම් ලැබූ පවුල් එකක පිළිබඳව නිසියාකාරව අධ්‍යනයක් සිදු කිරීමට තරම් සුදුසු පරිසරයක් නොමැති වීමත් මෙයට බෙහෙවින්ම බලපෑ බවයි ඔහු සඳහන් කළේ.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුව අඩු ආදායම් ලාභී පවුල් එකක ලක්ෂ 31ක පිරිසක් සිටින බවට අනුමාන කර තිබුණි.

එම අඩු ආදායම් ලාභී පවුල් සඳහා මාස දෙකක කාලයකට රුපියල් 5000 බැගින් දීමනා ගෙවීම සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 31,000(තිස් එක් දහසක) පමණ මුදලක් වැය වනු ඇති බවට මහ භාණ්ඩාගාරය පුරෝකථනය කර තිබුනේය.

මෙහිදී අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ හිටපු මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මේ වනවිට අහෝසි වී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40