AFC Banner
AFC Banner
Empty Ad

අටලුගමින් අතුරුදන් වූ දැරිය පිටකොටුවේ සිටින බවට තොරතුරක්

බණ්ඩාරගම – අටලුගම ප්‍රදේශයේ දී අතුරුදන් වූ නව හැවිරිදි ෆාතිමා අයීෂා නමැති දැරිය පිටකොටුව ප්‍රදේශයේ සිටින බවට තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ අනුව මේ වනවිට ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා වේල්ලවීථිය සහ පිටකොටුව පොලිස් ස්ථානවලට කණ්ඩායම් කිහිපයක් එම ප්‍රදේශයේ විමර්ශන ආරම්භකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාල දැරිය ඊයේ (27) උදෑසන සිය නිවසට මීටර් 250ක් පමණ දුරින් පිහිටි කුකුළු මස් වෙළඳසැලකට ගොස් ඇති අතර ඇය ආපසු නිවසට පැමිණ නොමැත බවයි වාර්තා වුණේ.

අනතුරුව දැරියගේ දෙමව්පියන් මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිසියට කළ පැමිණිල්ලක් කර ඇති අතර ඒ අනුවයි දැරිය සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වනවිටත් විමර්ශන ආරම්භකර කළේ.

දැරියගේ මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් ඊයේ (27) රාත්‍රියේ ඇයගේ පියා පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීම් සිදුකර ඇති අතර මවගෙන් ද ප්‍රකාශ ලබාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?