අපවත් වී වදාළ අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද සිදුකෙරුණා.
ඒ අනුරාධපුර මහා විහාර ආදාහන මළුවේදීය.
පසුගිය 19 වනදා උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වුණා.
ශ්‍රී මහා බෝධිය සන්නිපාත ශාලාවේ තැන්පත් කර තිබූ උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා.
1953 වසරේ උපත ලද පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි 1968 වසරේදී අනුරාධපුර රුවන්වැලි චෛත්‍යාරාමයේදී පැවිදි දිවියට ඇතුළත් වූ අතර 1997 වසරේදී අටමස්ථානාධිපති ධුරයට පත් විය.
අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලනඥයින් රැසක් මෙන්ම ආරක්ෂක ලේකම්වරයා ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් ද එක්ව සිටියා






























