අටමස්ථානාධිපතිට හීල්දානය ප්‍රමාද වුණාට ට්‍රැෆික් IOCට ස්ථාන මාරුවක්

මහනුවර රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය පොලිස් කොට්ඨාසය වෙත මාරුකර යවා තිබෙනවා.

රාජකාරී පැහැර හැරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් ඔහුට මෙම ස්ථානය මාරුව ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

රථවාහන අංශ ස්ථානාධිපතිවරයා නිසි ලෙස රාජකාරී ඉටු නොකිරීම හේතුවෙන් අටමස්ථානාධිපති නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මහනුවරට වැඩම කළ පසුගිය 06 වනදා ඇති වූ මාර්ග තදබදය හේතුවෙන් උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නියමිත වේලාවට හීල්දානය ලබා ගැනීමට නොහැකි වූ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ නිලධාරියා මහනුවර රථ වාහන අංශයේ ස්ථානාධිපති ලෙස හෝ කොට්ඨාසයේ රැදී සිටීමෙන් විනය පවත්වා ගැනීමට නොහැකි බැවින් ඔහු කොට්ඨාසයෙන් පිටතට මාරු කිරීම සුදුසු බව ද මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත යොමු කළ ලිපියේ සඳහන්.

අටමස්ථානාධිපති හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ගමන් ගත් වාහනය මාර්ග තදබදයට අසුවූ අවස්ථාවේ එම රථ පෙළ සමඟ මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාත් ගමන් ගෙන තිබෙන අතර රථ වාහන අංශ ස්ථානාධිපතිවරයා සිදුකළ රාජකාරී පැහැර හැරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත මහනුවර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක ද පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් ලබාදුන් වාර්තාවේ ඇති නිරීක්ෂණ හා නිර්දේශ පදනම් කර ගනිමින් රථ වාහන ස්ථානාධිපතිවරයා එම කොට්ඨාසයෙන් පිටතට මාරු කිරීම සුදුසු බව නිර්දේශ කරමින් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක අදාළ ලිපිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?