අටමස්ථානාධිපතිට හීල්දානය ප්‍රමාද වුණාට ට්‍රැෆික් IOCට ස්ථාන මාරුවක්

මහනුවර රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය පොලිස් කොට්ඨාසය වෙත මාරුකර යවා තිබෙනවා.

රාජකාරී පැහැර හැරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් ඔහුට මෙම ස්ථානය මාරුව ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

රථවාහන අංශ ස්ථානාධිපතිවරයා නිසි ලෙස රාජකාරී ඉටු නොකිරීම හේතුවෙන් අටමස්ථානාධිපති නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මහනුවරට වැඩම කළ පසුගිය 06 වනදා ඇති වූ මාර්ග තදබදය හේතුවෙන් උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නියමිත වේලාවට හීල්දානය ලබා ගැනීමට නොහැකි වූ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ නිලධාරියා මහනුවර රථ වාහන අංශයේ ස්ථානාධිපති ලෙස හෝ කොට්ඨාසයේ රැදී සිටීමෙන් විනය පවත්වා ගැනීමට නොහැකි බැවින් ඔහු කොට්ඨාසයෙන් පිටතට මාරු කිරීම සුදුසු බව ද මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත යොමු කළ ලිපියේ සඳහන්.

අටමස්ථානාධිපති හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ගමන් ගත් වාහනය මාර්ග තදබදයට අසුවූ අවස්ථාවේ එම රථ පෙළ සමඟ මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාත් ගමන් ගෙන තිබෙන අතර රථ වාහන අංශ ස්ථානාධිපතිවරයා සිදුකළ රාජකාරී පැහැර හැරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත මහනුවර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක ද පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් ලබාදුන් වාර්තාවේ ඇති නිරීක්ෂණ හා නිර්දේශ පදනම් කර ගනිමින් රථ වාහන ස්ථානාධිපතිවරයා එම කොට්ඨාසයෙන් පිටතට මාරු කිරීම සුදුසු බව නිර්දේශ කරමින් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක අදාළ ලිපිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36