Empty Ad
AFC Banner
Empty Ad

අජිත් නිවාඩ් කබ්‍රාල් ඇතුළු පිරිසක් කළ ග්‍රීක බැඳුම්කරයේ නඩුව යළිත් දිග හැරේ

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ඇතුළු පිරිසකට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කරන ලද නඩුව සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරු පෙර නඩු දිනයේ දී ඉදිරිපත් කළ මූලික විරෝධතාවලට ලිඛිත ව පිළිතුරු ලබාදීම අද (23) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණය හමුවේ සිදු කළා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ පැමිණිල්ලේ එකී ලිඛිත දේශන සම්බන්ධයෙන් වන නියෝගය ලබන මස 21 වැනිදා නිකුත් කිරීමට කටයුතු කරන බව මහාධිකරණ විනිසුරු ආර්. එස්.එස්. සපුවිද මහතා නියෝග කළ බවයි.

2011 වර්ෂයේ දී සිදු කරන ලදැයි පැවසෙන ග්‍රීක බැඳුම්කරය මහබැංකු රෙගුලාසි සහ මූල්‍ය මණ්ඩල රෙගුලාසි අනුව නීත්‍යනුකූල ව සිදු කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කර ඇති පසුබිමක දී ඊට වසරකට පසුව (2012) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් දෙවැනි වරටත් පහළ අධිකරණයක කබ්‍රාල් ඇතුළු විත්තිකරුවන් පිරිසට එරෙහිව නඩු පැවරීම විභාග කිරීමට නෛතික බලයක් නොමැති බව ද විත්තියේ නීතිඥවරුන් මහාධිකරණයට පෙන්වා දුන්නා.

මේ හේතුවෙන් සිය සේවාදායකයින්ව නිදහස් කරන ලෙසට විත්තියේ නීතිඥවරු ඉල්ලා සිටි අතර විත්තියේ නීතිඥවරු නැගූ මූලික විරෝධතාවලට අද දිනයේ දී ලිඛිත ව මේ අයුරින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු එකී විරෝධතා ගොනු කිරීම සිදු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:50:31
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31

?