අජිත් නිවාඩ් කබ්රාල්ව ග්‍රීක බැඳුම්කර නඩුවෙන් නිදොස් කොට නිදහස් කරයි

ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු විත්තිකරුවන් හතර දෙනක්ට එරෙහිව පවරා තිබූ නඩුවේ චෝදනා පත්‍රය අල්ලස් කොමිසම විසින්ම ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු එම නඩුවේ විත්තිකරුවන් සිව් දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් නියෝග කළා.

2011 වර්ෂයේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබේදී ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් සිදු කිරීම ඇතුලු චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබුණා.

ඒකී බැඳුම්කර ගනුදෙනුව මහ බැංකුවේ රෙගුලාසි වලට හා මූල්‍ය වාර්තා රෙගුලාසි වලට අනුකූලව නීත්‍යානුකූලව සිදුව ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබියදී අල්ලස් කොමිසම විසින් දෙවන වතාවටත් මෙම නඩුව පවරා තිබීම යුත්ති සහගත නොවන බව ජනාධිපති නීතීඥ ඩිලාන් රත්නායක සහ නලින් ලද්දු හෙට්ටිආරච්චි ලිඛිතව කරුණු දක්වා තිබුණා.

ඒ අනුව සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව පවරා තිබූ චෝදනා පත්‍රය අද (10) ඉල්ලා අස් කර ගැනීමට කටයුතු කළ අතර මහාධිකරණය එම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලා වැවේ ජල මට්ටම ඉහළට..අවුකන පාලම හා හඳුන්ගමුව පාලමත් ජලයෙන් වැසී ගිහින්
01:36
Video thumbnail
හැමෝම ෆුල් හොල්මන් වුණ හඳුන්නෙත්තිගේ ඇමතුම..?ඇයි මාතර තියෙන්නේ ලංකාවේ නෙවෙයි ද
03:19
Video thumbnail
විපතට වග කියන්න ඕනි අනුර..එයාගේ නි.ඇමති නෙවෙයි..ජනපති පත් කළ කොමිසම් ගැන සත පහකවත් විශ්වාසයක් නෑ
06:19
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ තැ. කාර්යාල වැහිල්ලෙන් හඳුන්නෙත්තිට රතු කට්ට පනියි..අපිට අදාළ ප්‍රශ්ණ නෙවෙයි
02:09
Video thumbnail
ඩෙල්ෆ් දූපතේ තිබුණු නිවාසවලට වඩා වැඩි ගාණක් විනාශ වුණේ කොහොමද?ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
05:47
Video thumbnail
දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේකම් කොට්ඨාස 40කට ඉවත්වීමේ රතු නිවේදන..වහාම ආරක්ෂිත ස්ථාන වෙත යන්න
05:40
Video thumbnail
"මහනුවර ගෙනියන්න වෙනවා අම්පාර, පොළොන්නරුව පැත්තට"අසමතුලිතතාවය සමතුලිත කිරීමක් මේ කරන්නේ
17:02
Video thumbnail
Praharaya | පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:04:41
Video thumbnail
අදූෂිත ආණ්ඩුවක් ආවාම රටටත් ලේසියි ජනතාවටත් ලේසියි..Facebook එකෙන් බනින්නේ කොන්ද අඩු අයනේ..
10:09
Video thumbnail
ටිල්වීන් ඇතුළු ප්‍රබලයෝ විපතට පත්වූවන්ට සෙත් පතයි
00:52


?