ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණ ගැසී තිබෙනවා.
ඊයේ (29) දින විපක්ෂ නායකවරයා ව ඉන්දීය ආරක්ෂක උපදේශක හමු වී රටේ පවතින දේශපාලනික තත්ත්වය සහ ඉදිරි ජනාධිපතිවරණ කටයුතු පිළිබඳ ව සාකච්ඡා කෙරුණු බවයි වාර්තා වන්නේ.
මීට අමතරව ඊයේ දිනයේ දී අජිත් දොවාල් මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙන් ම ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා ද හමු වුණා.
අද (30) දිනයේ දී ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා සහ ජනාධිපති අතර ද විශේෂ හමුවක් පැවැත්වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
1
+1
+1