අග්බෝ හස්තියාගේ වම් පාදයට සිදුව ඇති තුවාල හේතුවෙන් පශු වෛද්‍යවරුන් මාස කිහිපයක සිට මෙම සත්ත්වයාට ප්‍රතිකාර ලබාදීම සිදු කරනු ලබනවා. මේවනවිට නිසි සුවයක් නොලැබීම හේතුවෙන් අග්බෝ හස්තිතා තිරප්පනේ ඇතුන්ගම ප්‍රදේශයේ රඳවාගනිමින් ප්‍රතිකාර ලබාගැනීමටයි කටයුතු කර ඇත්තේ. අග්බෝ හස්තියා වෙනත් ප්‍රදේශයකට ගෙන යන්නේ යැයි ඉල්ලා තිරප්පනේ ඇතුන්ගම ප්‍රදේශයේ ජනතාව නොසන්සුන්කාරීණ
උලගල්ල වැවේ දහවල් කාලය ගත කරන මෙම හස්තියා සවස් කාලයේ ඇතුන්ගම ප්‍රදේශයේ සැරිසරමින් තම වගාවන් විනාශ කරන බව ප්‍රදේශවාසීන් පවසනවා. මේ පිළිබඳ සොයා බැලීම සඳහා තිරප්පනේ ප්‍රාදේශීය ලේකම්වරිය හා අඩවි වන නිලධාරීන් මෙන්ම පොලීසිය ඇතුන්ගමුව ප්‍රදේශයට පැමිණීමත් සමඟ ජනතාව නොසන්සුන්කාරී ලෙස හැසිරීමට පටන් ගත්තා.
ඔවුන් ඉල්ලා සිටියේ අග්බෝ හස්තියා වහාම වෙනත් ප්‍රදේශයකට රැගෙන යන ලෙසයි.




