අගමැති සහ හලාවත රදගුරු හිමිපාණන් අතර හමුවක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හලාවත පදවියේ සිව්වන රදගුරු අතිඋතුම් ආචාර්ය දොන් විමල් සිරි ජයසූරිය මාහිමිපාණන් හමුවුණා.

හලාවත කාර්මෙල් දේවමාතා ආසන දෙව්මැඳුරේ දී ඊයේ (12) මෙම හමුව සිදු වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

දොන් විමල් සිරි මාහිමිපාණන් හලාවත පදවියේ හතරවන රදගුරු හිමිපාණන් ලෙස පත් කරනු ලැබුවේ ඉකුත් දෙසැම්බර් මාසයේදීයි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?