නිල සංචාරයක් සඳහා ඊයේ දිනයේ දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ නිල උත්සවය අද (05) පැවැත්වෙනවා.
මෙම පිළිගැනිමේ නිල උත්සවය අද (05) පෙරවරු 9.00ට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මේ සමඟ අද දිනයේ දී ගාලු මුවදොර, නිදහස් චතුරස්‍රය සහ බත්තරමුල්ල අපේගම පරිශ්‍රය යන ප්‍රදේශයන්හි මාර්ග අවස්ථා කිහිපයක දී වසා තැබීමට කටයුතු කරන බවයි පොලිසිය පැවසුවේ.
මෙම කාල සීමාව තුළදී රථ වාහන තදබදය හා රියදුරන්ට සිදුවන අපහසුතාවය අවමකර ගැනීම සඳහා රියදුරන් විකල්ප මාර්ග වෙත යොමු කිරීමට රථවාහන නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
තින්දින නිල සංචාරයක් වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ඊයේ (04) පස්වරු 8.33ට පමණ දිවයිනට ළඟා වුණා.
දිවයිනට පැමිණි මෝදි අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් විසින් කටුනායක ගුවන් තොටුපොළේ දී සිදු කෙරුණා.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ‘සියවස් මිතුදමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්’ යන සංකල්පය තහවුරුකරමින් ඉන්දීය අග්‍රමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වනවා.