AFC Banner
AFC Banner
Empty Ad

අගමැති මහින්ද දුක් මහන්සියෙන් ඉපැයූ මුදලින් අසරණයන්ට පිහිට වෙයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 100ක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19) දින පස්වරුවේ පානීය නල ජල පහසුකම් ලබාදුන්නේය.

නල ජල පහසුකම් ලබාදීම සංකේතවත් කරමින් පවුල් 5ක් සඳහා එම අයිතිය ප්‍රදානය කිරීමේ උත්සවය අනුරාධපුර මිරිසවැටිය රජ මහ විහාරස්ථානයේ දී පැවැත්විණි.

පෙරේදා දිනට යෙදුණ සිය ජන්ම දිනයට සමඟාමීව අඩු ආදායම්ලාභී පවුල් සඳහා අග්‍රාමාත්‍යතුමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

රජරට විශ්වවිද්‍යාලයේ කුලපති,මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතල් වැටුණු වැවේ ඥානතිලක නා හිමි, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි, ආචාර්ය අග්‍රහැර කස්සප හිමි ඇතුළු මහා සංඝරත්නය මෙහි වැඩම කළහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?