අගමැති මහින්ද රාජපක්ෂට ඉල්ලා අස්වීමට නොදෙන පිරිසක් ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී,බණ්ඩාරගම ආසනයේ ප්‍රධාන සංවිධායක ලලිත් එල්ලාවල පවසා තිබෙනවා. ඔහු මෙලෙස සිය අදහස් පල කර තිබුණා.
අගමැතිතුමා ඕනෑම වෙලාවක රට වෙනුවෙන් තීරණ ගත්තු කෙනෙක්. මේ වෙලාවෙත් ඔහු රට වෙනුවෙන් තීරණයක් ගන්නවා කියන ආරංචිය අපිට ලැබුණා. නමුත් මේ තීන්දුව අගමැතිතුමාට ගන්න පිරිසක් විසින් ඉඩ ලබා දෙන්නේ නැති බව අපිට දැනෙනවා. එහෙම කරන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි තමන්ගේ හොර මැරකම් ආරක්ෂා කරගන්න තමයි. තමන් ආරක්ෂා වෙන්න බලන කණ්ඩායමක් තමයි මෙම තීන්දුව ගන්න අගමැතිතුමාට ඉඩ දෙන්නේ නැත්තේ.
ඒකයි මගේ හැගීම. මේ වෙලාවේ එක එක්කෙනා ආරක්ෂා වෙන වෙලාවක් නෙවෙයි රට ආරක්ෂා කරන වෙලාවක් මේ. ඒ නිසා මම ඉතා ගෞරවයෙන් ඉල්ලන්නේ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් කාලෝචිත තීන්දුවක් අරගෙන සර්ව සර්වපාක්ෂික ආණ්ඩුව හදලා රට ගොඩනගන්න ඉඩ දෙන්න කියලා. ඒ දේ කරන්න ඉඩ දෙන්නේ නැත්නම් අපි දස දෙනාට දැඩි තීන්දුවක් ගන්න වෙනවා.
සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න අගමැතිතුමා ඉවත් නොවුණොත් පසුපෙල මන්ත්‍රීවරු විදිහට අපිට තීන්දුවක් ගන්න වෙනවා.














