AFC Banner
Empty Ad
AFC Banner

අගමැති මහින්දගේ බැංකු ගිණුමක් සුද්ද කළ ළගම හිතවතා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ උදිත් ලොකුබන්ඩාරට එරෙහි ව මූල්‍ය වංචා චෝදනා යටතේ පරීක්ෂණයක් සිදු කරන බව වාර්තා වනවා.

මීට හේතු වී ඇත්තේ, උදිත් ලොකු බණ්ඩාර විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට අයත් බැංකු ගිනුමකින් රුපියල් කෝටි තුන හමාරකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මතුව ඇති චෝදනාවක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ පවුලේ සමීප සාමාජිකයෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කර ඇති අතර ඒ අනුව යි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ පරීක්ෂණය දියත් කර ඇත්තේ.

දැනට කරුණු වාර්තා වන ආකාරයට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට අයත් රාජ්‍ය බැංකුවක තිබූ ගිණුමකින් මෙලෙස මුදල් ලබාගෙන ඇත්තේ, ඒ වෙනුවෙන් නිකුත් කළ ඒ.ටී.එම් කාඩ්පපතක් භාවිත කරමින්.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ ගිණුමෙහි තිබූ මුදල් මහින්ද රාජපක්ෂ අග්‍ර්‍රාමාත්‍යවරයා ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ ඔහුට ලැබුණු වැටුප් මුදල් බවයි.2005 වර්ශයේ සිට මේ දක්වා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ශ මහතාගේ සියළු වැටුප් සහ ගෙවීම් බැර වී ඇත්තේ මෙම ගිණුමට බව කියවෙනවා.

මෙම ගිණුමේ ඇති මුදල් සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත අදාළ ගිණුම සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමක දී එම ගිණුමෙන් පසුගිය වසර ගණනාවක් පුරාම අඛණ්ඩ ව මුදල් ලබාගෙන ඇති බව සොයාගෙන තිබෙනවා.

එසේ ලබා ගත් මුදල් තවත් ගිණුමකට බැර කල බව ඔහු පාපොච්චාරනය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සිදු කළ සොයා බැලීමක දී හෙළි වී ඇත්තේ, එම ගිණුමට අදාළ ව නිකුත් කර තිබූ ඒ.ටී.එම් කාඩ් පත තිබී ඇත්තේ, උදිත් ලොකුබණ්ඩාර සතු ව බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුදර්ශනී ගම්පහ දෙවනක් කරයි - සජිත්ට ගම්පහ හොල්ලයි #sajithpremadasa
05:32
Video thumbnail
පාස්පෝර්ට් ගන්න ආපු අය අදනම් සතුටින් - "අවුරුදු ගානක ප්‍රශ්න බලමු ඉතින් මාසෙන් දෙකෙන් විසඳන්න බෑනේ"
01:20
Video thumbnail
හරිනිට වේදීකාවේදී සිදුවුණ අකරතැබ්බය - මේ හිටියා...මේ නෑ... ඒ මොකද වුණෙ?
08:39
Video thumbnail
ගොඨාභයලගේ දේශපාලනය සහාසිකයි - ජගත් මනුවර්ණ දුම්මල වරම අතට ගනී - සියල්ල හෙළි කරයි
14:21
Video thumbnail
ලාල් කාන්තව බැඳලා දාන්න - වසන්ත යාපා අනුරට කියයි
02:24
Video thumbnail
ජගත් මණුවරණ ගෝඨාභයගේ සජිත්ගේ රෙදි එළිපිට ගලවයි
07:21
Video thumbnail
දැන් රනිල්, සජිත්ලාගේ බොක්ක රත්වෙනවා
03:48
Video thumbnail
පැය 24ක් යන්න කලින් රුපියල් බිලියන 80ක් හොයලා දෙන්න මම දන්නවා
09:42
Video thumbnail
පාස්පෝට් ප්‍රශ්නයට දුමින්දගෙන් විසඳුමක්
02:37
Video thumbnail
ජවිපෙ සහෝදරයෙක් මාලිමාවේ රෙදි ගලවයි
08:22

?