අගමැති මහින්දගේ බැංකු ගිණුමක් සුද්ද කළ ළගම හිතවතා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ උදිත් ලොකුබන්ඩාරට එරෙහි ව මූල්‍ය වංචා චෝදනා යටතේ පරීක්ෂණයක් සිදු කරන බව වාර්තා වනවා.

මීට හේතු වී ඇත්තේ, උදිත් ලොකු බණ්ඩාර විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට අයත් බැංකු ගිනුමකින් රුපියල් කෝටි තුන හමාරකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මතුව ඇති චෝදනාවක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ පවුලේ සමීප සාමාජිකයෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කර ඇති අතර ඒ අනුව යි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ පරීක්ෂණය දියත් කර ඇත්තේ.

දැනට කරුණු වාර්තා වන ආකාරයට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට අයත් රාජ්‍ය බැංකුවක තිබූ ගිණුමකින් මෙලෙස මුදල් ලබාගෙන ඇත්තේ, ඒ වෙනුවෙන් නිකුත් කළ ඒ.ටී.එම් කාඩ්පපතක් භාවිත කරමින්.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ ගිණුමෙහි තිබූ මුදල් මහින්ද රාජපක්ෂ අග්‍ර්‍රාමාත්‍යවරයා ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ ඔහුට ලැබුණු වැටුප් මුදල් බවයි.2005 වර්ශයේ සිට මේ දක්වා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ශ මහතාගේ සියළු වැටුප් සහ ගෙවීම් බැර වී ඇත්තේ මෙම ගිණුමට බව කියවෙනවා.

මෙම ගිණුමේ ඇති මුදල් සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත අදාළ ගිණුම සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමක දී එම ගිණුමෙන් පසුගිය වසර ගණනාවක් පුරාම අඛණ්ඩ ව මුදල් ලබාගෙන ඇති බව සොයාගෙන තිබෙනවා.

එසේ ලබා ගත් මුදල් තවත් ගිණුමකට බැර කල බව ඔහු පාපොච්චාරනය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සිදු කළ සොයා බැලීමක දී හෙළි වී ඇත්තේ, එම ගිණුමට අදාළ ව නිකුත් කර තිබූ ඒ.ටී.එම් කාඩ් පත තිබී ඇත්තේ, උදිත් ලොකුබණ්ඩාර සතු ව බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55