අගමැතිගේ ප්‍රකාශය ගැන අනුර කුමාර කතාකරයි

අගමැති මහින්ද රාජපක්ෂගේ විශේෂ ප්‍රකාශය තුළ ගැබ්ව ඇත්තේ ආණ්ඩුව විසින් රට තුළ යම් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට දේශපාලන පක්ෂ දඩමීමා කරන බරපතළ ඉලක්කයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අවධාරණය කළේ ය. 

ජනතාවගේ විරෝධයට තිගැස්සී තිබෙන ආණ්ඩුව දේශපාලන ව්‍යාපාරවලට විශේෂයෙන් ම ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කොට අභූත චෝදනා එල්ල කරන බවත් විශේෂයෙන් ම 1988,1989 දශකවල සිදු වූ භීෂණවලට ජනතා විමුක්ති පෙරමුණේ නම ඈඳා ගනිමින් කරන අභූත චෝදනා රටේ තරුණ තරුණියන් ඇතුළු සමස්තය මේ මොහොතේ ඉතා හොඳින් වටහාගත යුතු බව ජවිපෙ නායකයා පෙන්වා දුන්නේ ය. 

ආණ්ඩුව ඉලක්ක කරන මේ විනාශකාරී ප්‍රචණ්ඩත්වයකට ඉඩ දිය යුතු නැති බවද ඔහු පැවසීය.  ආර්ථික හා දේශපාලන අර්බුදයක් රට තුළ ඇති මොහොතේ ආණ්ඩුව මෙතෙක් කැබිනට් මණ්ඩලයක් පත්කර නැති අතර මන්ත්‍රිවරුන් පිරිසක් ස්වාධීන වෙමින් සිටින බවත් ජනාධිපතිවරයා හා ආණ්ඩුව ගෙදර යා යුතුයි යන ප්‍රධාන සටන් පාඨයෙන් යුතු අරගල රට පුරාම ක්‍රියාත්මක වන බවත් පැවැසූ දිසානායක මහතා සඳහන් කළේ දේශපාලන අර්බුදයෙන් ජනතාවට අත්‍යවශ්‍ය තෙල්,ගෑස්, විදුලිය කිසිවක් ලබා දීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බව ය. 

බරපතළ  ආර්ථික අර්බුදයක් තිබියදී ඊට විසඳුම සහිතව වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කිරීමට තිබියදී අගමැති මහින්ද රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් කරමින් තව තවත් ඔවුන්ගේ අසමත් බව ඔප්පු කරමින් සිටින සේම ඒ අනුව පෙන්නුම් කරන්නේ අගමැතිගේ බියගුලුකමේ පැහැදිලි අඳෝනාවක් පමණක් බව ත් හෙතෙම වැඩිදුරට ත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
66
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28
Video thumbnail
ආණ්ඩුවට වැටෙනකම් විපක්ෂය බලාගෙන ඉන්නවා
08:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෝ දැන් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුලේ
03:12
Video thumbnail
උත්සව සමයේ විශේෂ බස් රථ සේවාවක්
04:18
Video thumbnail
ආපදාවට ලක් වූ ස්ථාන බලන්න යන්න එපා
02:37


?