අගමැතිගේ ප්‍රකාශය ගැන අනුර කුමාර කතාකරයි

අගමැති මහින්ද රාජපක්ෂගේ විශේෂ ප්‍රකාශය තුළ ගැබ්ව ඇත්තේ ආණ්ඩුව විසින් රට තුළ යම් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට දේශපාලන පක්ෂ දඩමීමා කරන බරපතළ ඉලක්කයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අවධාරණය කළේ ය. 

ජනතාවගේ විරෝධයට තිගැස්සී තිබෙන ආණ්ඩුව දේශපාලන ව්‍යාපාරවලට විශේෂයෙන් ම ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කොට අභූත චෝදනා එල්ල කරන බවත් විශේෂයෙන් ම 1988,1989 දශකවල සිදු වූ භීෂණවලට ජනතා විමුක්ති පෙරමුණේ නම ඈඳා ගනිමින් කරන අභූත චෝදනා රටේ තරුණ තරුණියන් ඇතුළු සමස්තය මේ මොහොතේ ඉතා හොඳින් වටහාගත යුතු බව ජවිපෙ නායකයා පෙන්වා දුන්නේ ය. 

ආණ්ඩුව ඉලක්ක කරන මේ විනාශකාරී ප්‍රචණ්ඩත්වයකට ඉඩ දිය යුතු නැති බවද ඔහු පැවසීය.  ආර්ථික හා දේශපාලන අර්බුදයක් රට තුළ ඇති මොහොතේ ආණ්ඩුව මෙතෙක් කැබිනට් මණ්ඩලයක් පත්කර නැති අතර මන්ත්‍රිවරුන් පිරිසක් ස්වාධීන වෙමින් සිටින බවත් ජනාධිපතිවරයා හා ආණ්ඩුව ගෙදර යා යුතුයි යන ප්‍රධාන සටන් පාඨයෙන් යුතු අරගල රට පුරාම ක්‍රියාත්මක වන බවත් පැවැසූ දිසානායක මහතා සඳහන් කළේ දේශපාලන අර්බුදයෙන් ජනතාවට අත්‍යවශ්‍ය තෙල්,ගෑස්, විදුලිය කිසිවක් ලබා දීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බව ය. 

බරපතළ  ආර්ථික අර්බුදයක් තිබියදී ඊට විසඳුම සහිතව වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කිරීමට තිබියදී අගමැති මහින්ද රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් කරමින් තව තවත් ඔවුන්ගේ අසමත් බව ඔප්පු කරමින් සිටින සේම ඒ අනුව පෙන්නුම් කරන්නේ අගමැතිගේ බියගුලුකමේ පැහැදිලි අඳෝනාවක් පමණක් බව ත් හෙතෙම වැඩිදුරට ත් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34